November 25, 2011

පොරොන්දු වූ පරිදි ‍අත්කම් පාඩම .................................

මම හදාපු බෝනික්ක හදන හැටි කියල දෙන්න කියලා හුග දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ. ඉතිං ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න පමා වුනාට හැමෝම මට සමා වෙන්න ඕන. 

මෙන්න මේවිදයට තමයි ඒ බෝනික්කා හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය 
පාට කිහිපයක A4 
කතුරක් 
ටූත්පික් එකක්
හොදින් ඇලවෙන ගම් වර්ගයක්


සාදන ආකාරය
A4 කොලයේ දිග අතට සෙන්ටිමීටර් භාගයක් පළල සිහින් පටි කපා ගන්න. ( 1 රෑපය බලන්න) 
ටූත් පික් එකක ආධාරයෙන් රවුමක හැඩයට A4 පටි ඔතා ගන්න. රවුම් සෑදීමේදී වර්ණ තුනක් යොදා ගන්න. ඉන් එවුම් දෙකක් එක සමාවන ද අනෙක් එක තරමක් විශාලවද සාදා ගත යුතුය. ( 2 රෑපය ලෙස දමා ඇති රවුම් දෙක)
එකම සයිස් එකට සාදාගත් රවුම් දෙක මූණ සහ ඔළුව සදහා ද තරමක් විශාලව සාදාගත් රවුම ඇග කොටස සදහාද යොදා ගනී.
එසේ සාදා ගත් රවුම් ඇගිල් වලින් සීරුවට උඩු අතට තල්ලු කරන්න. ඇග කොටස සදහා සෑදූ රවුම සීනුවක හැඩයටද, අනෙක් අවුම් දෙක බෝලයක පළුවක් ආකාරයටද සකසා ගන්න. (3 රෑපය )































බෝලයකින් භාගයක් ලෙස සකසා ගත් කොටස් දෙක එකට අලවා ගන්න. ( 4 රෑපය බලන්න)






කකුල් දෙක සෑදීම සදහා සෙන්ටිමීටර් 4ක් දිග 3ක් පළල A4 කොටු දෙකක්  ටූත් පික් එකේ කද කොටස ආධාර යෙන් රෝල් කර ගන්න. ( 5 රෑපය බලන්න) 



අත් දෙක සදහා සෙන්ටිමීටර් 2ක සහ 1.5 ක් දිග පළල සෙන්ටි මීටර් 0.5 ක් වූ සිහින් පටි දෙකක් රවුමක් ආකාරයට ඔතා එහි මැදින් නිය පොත්තෙන් සීරුවට උඩට අදින්න. (6 රෑපය බලන්න)

 


ඉන් පසු එම කොටස් දෙක 7 රෑපයේ පෙන්වා ඇති ආකාරයට අලවා ගන්න. එවැනි කොටස් දෙකක් අත්දෙක සදහා සාදා ගත යුතුය. 





ඉන් පසු වර්ණ දෙකක පටි දෙකක් දිගට අලවා ටූත් පික් එක ආධාරයෙන් ඔතා ගන්න. මෙය එතීමේදී හොදින් තදට එතිය යුතුය. එසේ ඔතා ගත් රවුමෙහි එක් කෙලවරක් උල් හැඩයක් එන සේ අතින් හැඩ කරන්න. (8 රෑපය බලන්න) 





දැන් අවශ්‍ය සියලු කොටස් සාදා ගෙන අවසානයී. ඉන් පසු එම කොටස් එකින් එක අලවා ගන්න. මුලින්ම ඔළුව කොටස සහ කද කොටස. (9 රෑපය බලන්න)





ඉන්පසු කකුල් දෙක, යටිපතුල්, අත් දෙක අලවා ගන්න.ජෙල් පෑනක් ආධාරයෙන් ඇස් දෙක කට සහ ගවුමේ සික් සැක් ඉරි ඇද ගන්න. මෙය  කීටැක් එකක් ලෙස භාවිතා කිරීම සදහා A4 වලින් පුංචිවට මුද්දක් සාදා එය හිසෙහි මුදුනෙහි අලවා වෙළද පොලෙහි ඇති කීටැක් දගරය එයට සවි කර ගන්න. ( වෙළද පොලෙහි ඇති එම කොටසට කියන නම නම් නොදනී) 






































දැන් ඔබට ඉහත ආකාරයේ හුරුබුහුටි බෝනික්කෙකු දැක ගත හැකිය.

සැ.යු. මේය සෑ‍දීමේදී දෑත් ඉතා පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න.

ප.ලි. මෙය මාගේ පළමු පාඩම නිසාත් කලින් කිසිම දවසක මෙවැනි දෙයක් කර නොමැති නිසාත් මෙහි ඇති අඩු පාඩු වලට සමාවෙන්න.

17 comments:

  1. ලස්සනයි. හැබැයි අවුලකට තියෙන්නෙ චුට්ටක් බුරුල් වුන ගමං සොරි තමා...

    ReplyDelete
  2. ස්තූතියි යාළුවේ. හුගක් ඉවසිමෙන් කරන්න ඕන වැඩක්.

    ReplyDelete
  3. ශා නියමයි නංගි.ඒත් මේවගෙ කුනු ගෑවෙනවා ඇති නේද?ඒකට මුකුත් කරන්න බැරිද?

    ReplyDelete
  4. ස්තූතියි අක්කියෝ. ඔය ප්‍රශෟනේ ගැනත් හිතුවා. මම මල් වර්ගයක් හැදුවා ඒකත් මාස 7 , 8ක් යද්දී දූවිලි වදිනවා. හැබැයී ඉටි පන්දම් කිරි වක්කරහම හොදන්න පුළුවන්. එත් ඒක ලොකු වියදමක්. වෙන ක්‍රමයක් හොයමින් ඉන්නවා.

    ReplyDelete
  5. මේක කරන්න සෑහෙන ඉවසීමක් තියෙන්න ඕන වගේ.. අක්කේ බැරිද එකක් මගේ උපන් දිනේට හදලා එවන්න.. :)

    ReplyDelete
  6. ඔව් මල්ලී මට මේව නම් ඉවසන් හදන්න පුළුවන් අනිත් කිසිම දෙයකදී ඉවසන්න බෑ.
    ඒ කියන්නේ ජනවාරි 2 එවන්න ඕන නේ. මට ක්‍රමයක් කියන්න මං එවන්නම්.

    ReplyDelete
  7. කුණු ගැවෙන එක නවතන්න simple වැඩක් තියෙනවා කරන්න...ඔයා දන්නවද clear වාර්නිෂ් ගැන? එක ලා දුබූරු පාටක් වගේ තියෙන්නේ ...එකට thinner ටිකක් කලවන් කරලා brush එකකින් ගාන්න අහුමුලු ඔක්කොගෙම....හ්ම්ම්ම් ගානට කලවන් කර නොගත්තොත් නම් පාට ටිකක් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා ගැවම මේක..... මම මගේ සමහර චිත්රන දුවිල්ලෙන් බේරගන්න මේ method එක ප්‍රායෝගිකව කරලා තියෙනවා...ඔයාලත් කරලා බලන්න...

    ReplyDelete
  8. ලංකාවේ හිටියනම් මම ඇවිත්ම අරගන්නවා.. අක්කගේ ඒ වචනෙත් මට ඇති.. තෑන්ක්ස් අක්කේ...

    ReplyDelete
  9. පොටෝ පැහැදිලියි. වැඩේ කරන හැටිත් පැහැදිලියි.
    ස්තූතියි බට්ටිට,
    හදලා බලලා වැඩේ සාර්ථක වුනාද නැද්ද කියන්නම්.

    ReplyDelete
  10. මම් එහෙනම් හෙට (සෙනසුරාදට) ගෙදර ඉන්න නිසා මේක හදලා බලන්න ඕන. වැඩේ අල්ලලා ගියොත් ස්වයං රැකියාවක් විදිහට කරලා අමතර ගානක් හොයා ගන්න පුලුවන්.
    (මං මුදලින් අන්ධ වෙලාද මන්දා)

    ReplyDelete
  11. බට්ටි,
    පොඩි "බටු" බෝනික්කෙන් හදාගන්න හැටි නේද මේ කියල තියෙන්නේ... :)
    ලස්සනයි, මේක කී ටැග් එකක් විදිහට පාවිච්චි කරද්දී අර රෝල් කරගත්තු කොල බුරුල් වෙන්න බලන්නේ නැද්ද බට්ටියේ.
    උඩ කමෙන්ට් එකක් දාපු "Nelum" කියල තියෙන විදිහට වාර්නිෂ් ගාන එක හරියන්න පුළුවන්, එකෙන් ඔයාගේ බෝනික්කාගේ කල්පැවැත්ම සහ ශක්තිමත් බවත් වැඩි වෙන්න පුළුවන්. අර කොල රවුම් බුරුල් වෙන්න තියෙන හැකියාවත් අඩු වෙලා යාවි.
    හැබැයි ඉතින් ඔය පාට කොල වල තියෙන පාට ගතිය "තිනර්" වලට දිය වෙලා යන්න බලයිද දන්නෙත් නැහැ.
    ඔයාට මේක කරලම තමයි නංගියෝ බලා ගන්න වෙන්නේ.
    තව අර සුදු පාට ගම් එකක් තියෙන්නේ බයින්ඩර් කියලා, ඒකත් සමහර වෙලාවට වැඩ කරයි.

    ReplyDelete
  12. මාත් ට්‍රයි කරල බලන්නම්..ඒත් ඉතින් ප්‍රශ්නෙ නම් ඉවසීම නැති එක තමා.....

    ReplyDelete
  13. හ්ම්ම් මමත් හදලා බලන්නම්කෝ :_)))

    ReplyDelete
  14. ෂා මරු වැඩක් නේ...බලමු ට්‍රයි එකක් දීලා...

    ReplyDelete
  15. මේක නම් නියමයි.... ඒ උනාට එක තැනක වාඩිවෙලා ඕක කරන්න තරම් ඉවසීමක් තියෙයිද මට.... අර රෝල උඩට තල්ලු කරද්දි ලිහිලා හෙම ගියොත් මට මළ පනියි... බඩු ටික ගෙනත් දවසක ට්‍රයි කරලා බලන්න ඕන....

    ReplyDelete
  16. @ Nelum
    ස්තූතියි යාළුවේ. මම කරලා බලන්නම්.

    @Dinesh
    හ්ම් ............

    @ නාකියා
    අම්මෝ අති යාන්මත් මම හිතන් හිටියේ කියලා දීපු විදිය පැහැදිලි නැතුව ඇති කියලා.

    @ මධුරංග
    කරලා බලන්න. වැඩේ හරියට අල්ලලා ගියොත් බැරි වෙන එකක් නෑ. මම හිතන්නේ ව්‍යාපාරයමය පැත්තෙන් බලන එක වරදක් කියලා. මොකද අපේ මහන්සියෙන් දෙයක් හොයන එක ගොඩක් වටිනවා. අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නේ නැතුව. හැබැයී හැමදෙයක්ම බිස්නස් පැත්තෙන් බලන්න එපා.

    @ ලොකු පුතා
    අමතක වුනානේ ලොකූ ඒක කියන්න. 3 රෑපයේ ඒවගේ ඇතුලට ගම් ටිකක් දැම්මහම මුකුත් වෙන්නේ නෑ.

    @ වින්චැට් කිරිල්ලී.
    උත්සාහ කරලා බලන්න. බැහැයි කියලා දෙයක් නෑ.

    @ වර්ණා
    නියමයී ..........

    @ සයුරි
    ස්තූතියී සයුරී

    @ Miyuru
    මම මේ කල්පනා කලේ, ඉස්සරහට කියල දෙන්න තියෙන පාඩම් මීට වඩා සංකීර්න ඒවා. හැමෝටම ඉවසීම නෑ නෑ කියන නිසා මුලින් භාවනා පන්තියක් හොයලා දීලා ඊට පස්සේ පාඩම් ටික පුරැදු කරන්න කියලා. :D

    ReplyDelete
  17. අනේ සෝයි......බෝනික්කෙක්..මාත් හදල බලන්න ඕනි..

    ReplyDelete